ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා තුවාල ලබා රෝහල්ගත කළ බවට වාර්තා වනවා.

ජානාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම ආරවුල සිදු වූ බව සඳහන්.

එහිදී මුදල් ප්‍රතිපාදන ගැටලුවක් මුලකර ගනිමින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා.

පසුව රැස්වීම අවසානයේ මහින්දානන්ද මන්ත්‍රීවරයා විසින් ගුණතිලක මන්ත්‍රිවරයාව තල්ලු කිරීමකට ලක් කර ඇති අතර, එහිදී ගුණතිලක මන්ත්‍රීවරයා ඇද වැටී තුවාල ලබා ඇති බව සඳහන්.

අනතුරු මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා යුද හමුදා රෝහලට ඇතුළත් කර ඇති බවටයි වැඩිදුටත් වාර්තා වුණේ.
මේ අතර බහින්බස් වීමක් සිදු වුවද තල්ලු කිරීමක් සිදු නොකල බවට මහින්දානන්ද මන්ත්‍රීවරයා සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content