පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගුවන් තොටුපලෙන් හරවා යවා ඇත්තේ ඔහුගේ ගමන් බලපත්‍ර දත්ත පද්ධතියට වෙනත් අයෙකුගේ තොරතුරක් ඇතුලත් වීම හේතුවෙන් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

අදාළ තොරතුර ඇතුළත් වීම හේතුවෙන් ගුවන් ගමන් තහනම් ලැයිස්තුව බලාත්මක වීමෙන් අදාළ සිදු වීම සිදු වී ඇති බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේ.

එම තොරතුර, පද්ධතියට ඇතුලත් කළ නිලධාරිනියගේ සේවය ද මේ වන විට අත්හිටුවා තිබෙනවා.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

WhatsApp Group

Skip to content