යුනෙස්කෝ සංවිධානය විසින් මහාවංශය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

2023 ලෝක උරුම ලැයිස්තුව වෙත අලුතෙන් වාර්තා 64 ක් එක්කර ඇති අතර ඒ අනුව සමස්ත ලෝක උරුම ලැයිස්තුවේ අංග සංඛ්‍යාව 494 දක්වා ඉහළ ගොස් තිබෙනවා .

මහාවංශය ලෝක උරුම ලේඛනයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් යුනෙස්කෝ සංවිධානය පවසන්නේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 1815 දක්වා කාලය ආවරණය වන පරිදි මහාවංශයේ තොරතුරු ඇතුළත් බවයි . ලොව දිගම නොබිදුණු ඵෙතිහාසික වාර්තාවලින් එකක් ලෙස මහාවංශය සැලකෙනවා .

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ මඟින් ලේඛනයේ දක්වා ඇති කරුණුවල සත්‍යතාව තහවුරු වී ඇති බව යුනෙස්කෝ සංවිධානය පවසනවා .

මහාවංශය බුදුන්වහන්සේ, අශෝක අධිරාජ්‍යයා සහ ලෝක ආගමක් ලෙස බුදු දහමේ නැඟීම පිළිබඳ තීරණාත්මක තොරතුරු අඩංගු දකුණු ආසියාවේ වැදගත් මූලාශ්‍රයක් වනවා .

රටවල් කිහිපයක මහාවංශයේ අත්පිටපත් ගණනාවක් පවතින අතර අග්නිදිග ආසියාතික සහ යුරෝපා භාෂා කිහිපයකට එය පරිවර්තනය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content