මහවැලි ව්‍යාපාරයෙන් අතහැරණු මහවැලි ඒ සහ බී කලාප කඩිනමින් සංවර්ධනය කර ජනතාවට එහි ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ගාමිණී දිසානායක මහතාගේ අසූ දෙවැනි ජන්ම දින සැමරුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වූ අතර එයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

මෙරට වාරි ඉතිහාසය තුළ සුවිශේෂී පරිවර්තනයක් සිදුකරමින් ගාමිණී දිසානායක මහතා ආරම්භ කළ මහවැලි ව්‍යාපාරය ක්‍රියාත්මක නොකළා නම් රට සහලින් ස්වයංපෝෂිත කිරීමට නොහැකි වන බවත් රටට අවශ්‍ය විදුලිය ලබා ගැනීමට නොහැකි වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

 

WhatsApp Group

Skip to content