නාගරික සංවර්ධන අධිකාරිය සතු මහල් නිවාසවල පදිංචි වූවන්ගෙන් සියයට 50 කට මෙම වසර අවසන් වීමට පෙර හිමිකම් ඔප්පු පිරිනැමීමට රජය විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම වසර අවසානයට පෙර තම අධිකාරිය සතුව ඇති මහල් නිවාසවල පදිංචි වූවන්ගෙන් සියයට 50 ක පිරිසකට හිමිකම් ඔප්පු ලබාදෙන බවයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා සඳහන් කළේ.

නාගරික සංවර්ධන අධිකාරිය සතු මහල් නිවාසවල මේ වනවිට පුද්ගලයන් 14,542 කු පදිංචිව සිටින අතර ඒ අනුව පළමු අදියර යටතේ ඉන් සියයට 50 ක පිරිසකට හිමිකම් ඔප්පු ලබාදීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් අවධාරණය කර තිබුණේ තට්ටු නිවාස හිමියන්ට හිමිකම් ඔප්පු ලබාදීම කඩිනම් කරන බවයි.

WhatsApp Group

Skip to content