වැල්ලවත්ත පොලිස් වසමේ මහල් නිවාසයකින් ඇද වැටී කාන්තාවක් මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ එම මහල් නිවාසයේම පදිංචිව සිටි 49 හැවිරිදි කාන්තාවක්.

සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඇය නිවසේ තිබූ පුටුවක් රැගෙන ගොඩනැගිල්ලේ 8 වන මහලට ගොස් එයින් පැන ඇති බවයි.

මියගිය කාන්තාව මානසික රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බවට ද කරුණු අනාවරණය වී තිබෙනවා.

WhatsApp Group

Skip to content