රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මහරගම අපේක්ෂා රෝහලේ ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තෙවන දිනටත් අද ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

අමතර සේවා සඳහා සිදු කළ ගෙවීම් නැවත අය කරගැනීම සහ ඉදිරි ගෙවීම් කප්පාදු කරමින් හිටපු සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කර ඇති ලිපිය ඉවත් කරගන්නා ලෙස බල කරමිනුයි පෙරේදා දින ඔවුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබුවේ.

මේ අතර එළඹෙන 10 වන දා දින පස්වරු 4 සිට 12 වන දා මධ්‍යම රාත්‍රී 12 දක්වා දිවයින පුරා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ තීරණය කර තිබෙනවා.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තැපැල්පතිවරයා වෙත ද ලිපියකින් දැනුම් දීමට කටයුතු කර ඇති බවයි එම වෘත්තිය සමිති පෙරමුණ සදහන් කළේ.

මෙම වැඩවර්ජනයට දිවයින පුරා පිහිටි ප්‍රධාන තැපැල් කාර්යාල 653 ක සහ උපතැපැල් කාර්යාල 3410 ක සේවකයින් එක් වීමට නියමිතයි.

රුපියල් 20,000 ක වැටුප් වැඩි කිරීමත් නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිණීමට ගෙන ඇති තීන්දුව අත්හිටුවන ලෙසත් රජයට බලකරමිනුයි ඔවුන් මෙම වැඩවර්ජනය සිදු කිරීමට නියමිතව ඇත්තේ.

WhatsApp Group

Skip to content