දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කාලය ලබාගැනීම මුල් කර ගනිමින් එළඹෙන ජුනි 30 වනදා ද ඇතුළුව ජුනි 29 වනදා සිට ජුලි 03 වනදා දක්වා දීර්ඝ බැංකු නිවාඩුව ප්‍රකාශයට පත් කළ බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
ඊයේ පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

https://www.vnews.lk/storage/2023/06/NANDALAL-EDIT-01-1.mp3?_=1

එහිදී මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය තුළ දී මෙරට කිසිදු බැංකුවක කිසිදු තැන්පතුවකට හානියක් නොවන බවයි.

https://www.vnews.lk/storage/2023/06/NANDALAL-EDIT-02.mp3?_=2

මේ අතර ණය ප්‍රතිවූහගත කිරීමේදී ණය කපා හැරීමට යෝජනාවක් ගෙන එන්නේ නම් ඊට එකඟ නොවන බව ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළා.

https://www.vnews.lk/storage/2023/06/HARSHA-EDIT-1.mp3?_=3

WhatsApp Group

Skip to content