ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති රැස්වීමේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
එම අගයන් පිළිවෙලින් සියයට 8.50 සහ සියයට 9.50 දක්වා පහත දැමීමටයි කටයුතු කර ඇත්තේ.

WhatsApp Group

Skip to content