මහපොළ අධ්යාපනික හා වෙළෙඳ ප්රදර්ශනය වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්ය නලින් ප්රනාන්දු මහතාගේ උපදෙස් පරිදි අගෝස්තු මස 22 දා සිට 25 දා දක්වා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්ර ක්රීඩාංගණයේ දී පැවැත්වීමට තිරණය කර ඇත.
ඒ පිළිබදව මුලික සාකච්ජාව මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් උතුරු මැද පලාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතාගේ සහ රජයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අනුරාධපුරයේ දී පැවැත්විණ.
ග්රාමීය ප්රදේශයන්හී දක්ෂ ව්යවසායකයන්, නව නිපැයුම්කරුවන් හා අන්තර්ජාතික අපනයන වෙළෙඳපොල වෙත ප්රවිශ්ඨ වීමට බලාපොරොත්තුවෙන් සිටින ව්යවසායකයින් වෙනුවෙන් දැනුම මෙම ප්රදර්ශනය ඔස්සේ ලබා ගත හැකි වන අතර ප්රධාන රාජ්ය ආයතන මීට සහභාගි වෙයි.

WhatsApp Group

Skip to content