ඉදිකිරීමට යෝජිත මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඉදිකිරීම් කටයුතු ලෝක බැංකු ආධාර යටතේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු නොකළහොත් ඉදිරියේ දී විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/08/BANDULA-EDIT-1-1.mp3?_=1

මේ අතර ආදායම් බදු අයකර ගැනීමේ නිවැරදි සැලැස්මක් රජයට නොමැති බව ජාතික ජන බලවේගය පවසනවා.

එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති මහතා කියා සිටියේ පැවති රජයන් විසින් රටේ නිෂ්පාදන ආර්ථික බිඳදැමු බවයි.

https://www.vnews.lk/storage/2023/08/HADUNNETHTHI-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content