මහනුවර නගර සීමාවේ ඇති සියලුම රජයේ පාසල් දින තුනක් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද , හෙට සහ ලබන 31 යන දිනවල මෙලෙස පාසල් වසා දැමීමට තීරණය කර ඇති බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා සඳහන් කළේ.

ඔහු පැවසුවේ මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයත් සමඟ නගරය තුළ පවතින දැඩි රථවාහන තදබදය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බවයි .

පාසල් වසා තැබෙන දින තුන වෙනුවට සෙනසුරාදා දින තුනක් හිලව් සැසි පැවැත්වීමට පාසල් බලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බව ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පැවසුවා.

මේ අතර විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට දින දෙකක නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද සහ හෙට යන දිනයන්හි ඔවුන්ට නිවාඩු හිමි වනවා.

අපොස සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂාකිරීමට එක්ව සිටින විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට මෙලෙස නිවාඩු ලබා දීමටයි අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත්තේ .

WhatsApp Group

Skip to content