මහනුවර ඇසළ මහා මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා .

ඒ අනුව අද රාත්‍රී 07:15 ට යෙදෙන සුබ මොහොතින් පෙරහර ආරම්භ කිරීමට නියමිතයි.

මෙම සිව්වන රන්දෝලි පෙරහර දළදා වීථිය , යටිනුවර විදිය ,හරස් විදිය ,ඊ .එල් සේනානායක විදිය, කන්දේ වීදිය ඔස්සේ ගමන් කිරීමෙන් අනතුරුව ඩී.එස්.සේනානායක වීථීයට පිවිස රජ වීථිය ඔස්සේ පැමිණ ගෙවැදීමටයි කටයුතු සුදානම් කර ඇත්තේ .

එමෙන්ම මෙවර මහනුවර ඇසළ මංගල්‍යයේ අවසාන රන්දෝලි මහා පෙරහර හෙට රාත්‍රියේ වීදි සංචාරය කරනු ලබනවා .

WhatsApp Group

Skip to content