2023 මහනුවර ශ්‍රි දළදා මාළිගාවේ ඇසල පෙරහැරේ අවසන් රන්දෝලී මහා පෙරහැර අද වීදී සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පස්වරු 07 පසුවී විනාඩි 03ක් ගත වූ පසු උතුරු දිශාමුඛව ආරම්භ වන පෙරහැර සිවු මහා දේවාල පෙරහැර කැටුව වැව පාර, දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට වීත් ගෙවැදීමට නියමිතයි.

මෙවර පෙරහැරේ කුඹල් පෙරහැර පසුගිය 21 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබුණු අතර, රන්දෝලි පෙරහැර පසුගිය 26 වැනිදා සිට ආරම්භ කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content