ශ්රී ලංකාවේ අපනයන ක්ෂේත්රය නව තලයකට ගෙනයාමේ කැපී පෙනෙන පියවරක් තැබීමේ අරමුණින් ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ මහජන බැංකුව උපායමාර්ගික හවුල්කාරීත්වයකට එළැඹීම පිණිස අවබෝධතා ගිවිසුමක් (MOU) අද (14) මහජන බැංකු ප්රධාන කාර්යාලයේදී අත්සන් කෙරිණි.
මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ,ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා, මහජන බැංකුවේ ප්රධාන විධායක නිලධාරී සහ සාමාන්යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා ප්රමුඛ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සිදු කෙරිණි.
මහජන බැංකුව මෙම හවුල්කාරීත්වය යටතේ දැනට සිටින අපනයනකරුවන්ගේ අපනයන හැකියාවන් ඉහළ නැංවීමට, නව අපනයනකරුවන් දිරිමත් කිරීම සහ වක්‍ර අපනයනකරුවන් සෘජු අපනයනකරුවන් බවට ඉහළ නැංවීම සඳහා මූල්‍ය උපදේශන සේවා, අරමුදල් පහසුකම් සහ වෙළෙඳ මූල්‍ය විකල්ප ලබා දෙනු ඇත.

WhatsApp Group

Skip to content