මහජන ධනය සුරැකීම සඳහා ජනාධිපතිවරයාට මෙන්ම සියලු රාජ්‍ය නිලධාරීන්ට ද වගවීමක් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පුරවැසියන් තෘප්තිමත් වන ආකාරයේ රාජ්‍ය සේවයක් වෙනුවෙන් සියලුම රාජ්‍ය සේවකයින් කටයුතු කළ යුතු බවයි.

බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා

බලශක්ති ක්ෂේත්‍රයේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සහ ඉදිරි වසර කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳ සවිස්තාරත්මක හා දීර්ඝ සමාලෝචනයක් මෙහිදී සිදු කෙරුණා.

ඉදිරි වසර තුන තුළ බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරා ගන්නා ආකාරය පිළිබඳව මෙන්ම ජනතාවට ලබාදිය හැකි කෙටි සහ දිගුකාලීන සහන පිළිබඳව ද වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර බදු පැහැර හැරීම සම්බන්ධයෙන් තරාතිම නොබලා දඩුවම් ලබා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවාත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සදහන් කළේ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක්ද ක්‍රියාත්මක බවයි.

WhatsApp Group

Skip to content