මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආඥාවක් නිකුත් කර තිබෙනවා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මේ පිළිබදව පාර්ලිමේන්තුවට අද දින දැනුම් දෙනු ලැබුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවයි.

WhatsApp Group

Skip to content