නඳුන් චින්තක නොහොත් ”හරක් කටා” විසින් තමන් හට රුපියල් මිලියන 700ක් ලබාදීමට උත්සාහ කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා .

අදාල සැකකරු එම මුදල ලබා දීමට උත්සහ කරනු ලැබුවේ ඔහුව ශ්‍රී ලංකාවට ගෙන්වා නොගන්න ලෙස ඉල්ලීම් කරමින් බවයි අමාත්‍යවරයා සදහන් කලේ .

අමාත්‍ය ටිරාන් අලස් මහතා ගාල්ල උණවටුන ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසක් අමතමින් මෙම අදහස් පල කළා ..

දකුණු පළාත් පොලිස් ස්ථානාධිපතිවරුන්, රාජ්‍ය නිවේදිත නිලධාරීන් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර ගාල්ල උණවටුන ප්‍රදේශයේදී මෙම හමුව පැවැත්වුනා .

https://www.vnews.lk/storage/2023/11/TIRAN-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content