විවිධ අක්‍රමිකතා හේතුවෙන් මාසිකව කොන්දොස්තරවරුන් සියයකට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් ඉවත් කිරීමට හෝ සේවය තහනම් කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් කොන්දොස්තරවරුන් 381 දෙනෙකු බඳවා ගැනීමට නියමිත බවයි.

රියැදුරන් 912 දෙනෙකු ද, අලුතින් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content