නිවස තුළ ප්‍රසුත කළ අලුත උපන් බිළිදෙක් උපන් මොහොතේම හොර රහසේ මාර්ගයට ගෙනවිත් දමා ඔහුගේ මරණය සිදුකළ  අඹුසැමි යුවළක් මුල්ලේරියාව පොලිසිය මගින්  අද  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය  පොලිස් ආරක්ෂාව යටතේ රෝගී තත්ත්වය නිසා රෝහල් ගත කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

මුල්ලේරියාව කැලණිමුල්ල වීදියබණ්ඩාර මාවතේ නිවසේ දී  ඊයේ රාත්‍රියේ මෙම දරුවා ප්‍රසුත කර ඇති අතර, සැකකාර අඹුසැමි යුවළ දරුවා මාර්ගයට ගෙනවිත් දමා තිබියදී අද පෙරවරුවේ පොලිසිය සොයා ගත්තා.

පොලිසිය අවට පරික්ෂා කිරීමේ දී ලේ පැල්ලම් ඔස්සේ ගොස්  සිද්ධිය වු නිවසට ගොස් ඇති අතර, සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකාර අඹුසැමි යුවළ තදින්ම අයිත් මත්ද්‍රව්‍ය පානය ඇබ්බැහිව  සිටින්නන් බවද පොලිසිය පවසුුුවා.

WhatsApp Group

Skip to content