සූරියවැව කපුකිණිස්ස ප්‍රදේශයේදී මව අතින් වායු රයිපලයක් පත්තු වීමෙන් ඇගේ තුන් හැවිරිදි පිරිමි දරුවා තුවාල ලබා තිබෙනවා.
පොලිසිය සඳහන් කලේ යාබද නිවසේ පොල් ගසකට හේත්තු කර තිබූ වායු රයිපලය අතට ගත් මව එය පරීක්ෂා කිරීමට තැත් කිරීමේදී ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

වායු රයිපලයෙන් නිකුත් වූ උණ්ඩයක් වැදීමෙන් දරුවාගේ නිකට ප්‍රදේශය තුවාල වී ඇති අතර දරුවා ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content