කහවත්ත වැල්ලදුර ප්‍රදේශයේ පසුගිය නොවැම්බර් 13 වනදා සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙන් සැකකාරියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයට ලක්වූ කාන්තාවගේ දියණියක් බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

පසුගිය නොවැම්බර් 13 වන දින කහවත්ත, වැල්ලදුර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමකින් වයස අවුරුදු 71ක් පමණ වූ වැල්ලදුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඝාතනයට කිරීම සම්බන්ධයෙන් කහවත්ත පොලිසිය සිදු කරන ලද විමර්ශනවලදී මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකාරිය අද අලුයම අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය මරණකාරියගේ දියණියක් බවයි කහවත්ත පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 38ක් වූ වෙලේවත්ත වැල්ලදුර ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කටයුතු කහවත්ත පොලිසිය සිදුකරගෙන යනු ලබනවා.

 

WhatsApp Group

Skip to content