ගම්පහ මල්වතුහිරිපිටිය විහාරස්ථානයකදී හිමි නමක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම පුද්ගලයාව මොණරාගල, හම්බේගමුව ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි පොලීසිය සඳහන් කළේ.

එහිදී සැකකරු අත්තනගල්ල, යටවක ප්‍රදේශයේ සැඟවූ ආයුධය සොයාගැනීම සඳහා ගොස් සිටියදී පොලීසියට වෙඩිතබා පළායාමට උත්සාහ දරා ඇති අතර, එහිදී පොලිසිය සිදුකළ වෙඩිතැබීමකින් සැකකාර වෙඩික්කරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙහිදී පොලිස් නිලධාරියෙක්ද තුවාල ලබා ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content