මරදගහමුල විශේෂිත තොග වෙළඳ මධ්‍යස්ථානය අද දිනයේදී ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා .
මෙම විශේෂිත තොග වෙළඳ මධ්‍යස්ථානය ඉදිකර ඇත්තේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන් සඳහා ප්‍රමුඛතාවය ලබා දීමේ අරමුණ ඇතිවයි .

ඒ අනුව අද සිට සෑම දිනකම පෙරවරු පහේ සිට පස්වරු 3 දක්වා විවෘතව තැබෙන මෙම මධ්‍යස්ථානය තුළින් සහල් ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළඳුන්ට ලබාගැනීමට අවස්ථාව හිමිවනු ඇති.

මෙහි ඉදිකිරීම් කටයුතු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් සිදුකර ඇති අතර එය වෙළඳ කුටි 115 කින් සමන්විත වනවා .
ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 459 ක් බවයි වාර්තා වන්නේ .

WhatsApp Group

Skip to content