යුක්තිය මෙහෙයුමට සමගාමීව මත්ද්‍රව්‍ය ජාවරමේ ප්‍රධාන සැකකරුවෙක් වන මරදගහමුල ලෝකේෂන් කුඩු මල්ලී කුඩු සමග බඩල්ගම පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ, නිල්පනාගොඩ, හේන්පිටගෙදර, ගල් කන්ද, දූනගහ, කටුවැල්ලේගම, අලුතෑපොල යන ප්‍රදේශවලට කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය බෙදා ඇති බව බඩල්ගම පොලිසිය හමුවේ පාපොච්චාරනය කර ඇත.

මරදගහමුල ලෝකේෂන් කුඩු මල්ලී ලෙස හඳුන්වන මෙම සැකකරු ළඟ තිබී කුඩු මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6120 ක් සොයා ගැනීමට හැකි විය.

අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සතියක කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම සඳහා බඩල්ගම පොලිසියට අධිකරණයෙන් අවසර ලබා දී තිබේ.

WhatsApp Group

Skip to content