මන්නාරම – මරද මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අදට යෙදී තිබෙනවා.

ඒ අනුව උදෑසන දිව්‍ය පූජාව මන්නාරම රදගුරු අතිඋතුම් එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබුවා.

එම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙවර වාර්ෂික මංගල්‍ය සඳහා අති විශාල ජනකායක් ද එක්ව සිටීම විශේෂත්වයක්.

මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ සැප්තැම්බර් 15 දින සිට කොළඹ සහ තලෙයිමන්නාරම අතර සිඝ්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කරන බවයි.

 

WhatsApp Group

Skip to content