වර්තමානය වන විට ලෝකයේ බොහෝ පිරිසක් දූර දෘෂ්ටිකත්වය හෙවත් මයෝපියා රෝගී තත්ත්වයට ගොදුරු වීමේ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.

කොරෝනා කාලය තුළ දී බොහෝ පිරිස් පරිගණක සහ දුරකථන භාවිතයට යොමුවීමත්, වැඩිවෙලාවක් ඇසිපිය නොහෙළීම නිසා මෙම රෝගී තත්ත්වයට මුහුණපා ඇති බව සඳහන්.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ 2050 වසර වනවිට ලොව පුරා ජනගහණයෙන් හරි අඩක් එනම් සියයට 50ක් මෙම මයෝපියා රෝග තත්වයට ගොදුරුවිය හැකි බවටයි.

2010 වසරේ දත්ත වාර්තාවලට අනුව ලෝක ජනගහණයෙන් සියයට 27කට මෙම රෝගී තත්වය වාර්තාවී තිබුණා.

WhatsApp Group

Skip to content