මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සිදු කිරීම ආයතනික ප්‍රධානියකු ලෙස තමන් සතු වගකීමක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාවරයා පවසනවා.

මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිවීම් පිලිබඳ අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළා.

එමෙන්ම වැඩි වූ වැටුප් අඩු කිරීම කෙරෙහි මේ වනවිට වෘත්තිය සංගම් සමග සාකච්ඡා කර ඇති බවත්, ඊට පිළිතුරු ලබා දීමට යම් කාලයක් අවශ්‍ය බවට වෘත්තිය සංගම් දැනුම් දී ඇති බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content