පාතාල කල්ලි සාමාජිකයෙකු වන මන්න රමේෂ් නමැත්තාව ඩුබායි හිදි අත්අඩංගුවට ගෙන ඇති බවට මෙරට ආරක්ෂක අංශ වෙත නිල වශයෙන් දැනුම් දීමක් කර තිබෙනවා.

ඒ අනුව ඔහුව මෙරටට ගෙන ඒම සදහා ඉදිරියේදී පොලිස් නිලධාරින් කණ්ඩායමක් ඩුබායි සදහා පිටත්ව යාමට නියමිතව ඇති බව සදහන්.

අවිස්සාවේල්ල සහ ඒ ආසන්න ප්‍රදේශවල සිදු වූ මිනිස් ඝාතන ඇතුලු අපරාධ රැසක් සම්බන්ධයෙන් මෙරට පොලිසිවලට අවශ්‍යව සිටි මන්නා රමේෂ් නමැත්තා ඩුබායි හි සැඟව සිටින බවටයි පසුගියදා තොරතුරු වාර්තා වුණේ.

එමෙන්ම මෙම පුද්ගලයාව මෙරටට භාර දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිස් ශාඛාව හරහා ඩුබායි පොලිසියෙන් ඉල්ලීමක් ද කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content