ළමා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් වැඩිවශයෙන්ම වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා පවසනවා.

මෙම වසරේදී එම දිස්ත්‍රික්කයෙන් එවැනි ළමුන් 1439 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි කොළඹ දිස්ත්‍රික්  කමිටු රැස්වීමේදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ද මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 320 දෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් උතුරු කොළඹ සහ මැද කොළඹින් වාර්තා වී ඇති බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/09/RUWAN-WIJEMUNI-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content