ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩිවෙන්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගතයුතු කෙටි, මධ්‍ය හා දිගු කාලීන පිළිබඳ සොයා බැලීමට සහ හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳ අධීක්ෂණය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය කිරීමට සාමාජිකයන් පත් කර තිබෙනවා.

ඒ අනුව එම කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පත් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කළා.

එම කාරක සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අමාත්‍ය නලීන් ප්‍රනාන්දු, සීතා අරඹේපොළ, අරවින්ද කුමාර්, රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ගයාශාන් නවනන්ද, ශීවඥානම් ශ්‍රීතරන්, කාවින්ද ජයවර්ධ යන මන්ත්‍රීවරුන් නම් කර තිබෙනවා.

මීට අමතරව රෝහිණී කුමාරි විජේරත්න, උපුල් ගලප්පත්ති, කිංස් නෙල්සන්, මුදිතා ප්‍රිශාන්ති, අලි සබ්රි රහීම්, කුමාරසිරි රත්නායක, රාජිකා වික්‍රමසිංහ, වීරසුමන වීරසිංහ, මංජුලා දිසානායක, චරිත හේරත්, හරිණි අමරසූරිය සහ ජගත් සමරවික්‍රම යන මන්ත්‍රීවරුන් පත් කළ බව කාථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content