පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා පදිංචිව සිටින බලංගොඩ මිරිස්වත්ත ප්‍රදේශයේ නිවසට ඊයේ රාත්‍රියේ ලොරි රථයක් කඩා වැදී තිබෙනවා.
ඒ හේතුවෙන් මන්ත්‍රීවරයාගේ නිවසට හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම ලොරි රථය මන්ත්‍රීවරයාගේ නිවසට ඉහළින් ඇති මාර්ගයේ නවතා තබා තිබියදී එකවර නිවස දෙසට ධාවනය වී ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලීසිය වැඩිදුරට විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content