ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ තංගල්ලේ පැවති විවාහ උත්සවය වෙනුවෙන් විදුලිය ලබාගැනීම සඳහා වැයවූ බවට සඳහන් හිඟ බිල්පත ගෙවා දැමීමට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කටයුතු කර තිබෙනවා.

එහිදී රුපියල් ලක්ෂ 26ක හිඟ බිල්පත ගෙවා දැමීමට කටයුතු කළ බවයි මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු සදහන් කළේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වීම වැලැක්වීමේ අරමුණිත් තමා මෙම විදුලි බිල්පත ගෙවා දැමීමට කටයුතු කළ බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/10/SANATH-NISHANTHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content