මෙවර මහ මැතිවරණයේදී 2024 ඡන්ද නාම ලේඛනයට අනුව ඒ ඒ දිස්ත්‍රික්කවලට හිමි මන්ත්‍රී ආසනවල වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලට එක් මන්ත්‍රී ධුරය බැගින් එක්වී ඇති අතර, කොළඹ සහ යාපනයෙන් එක් මන්ත්‍රී ධුරය බැගින් අඩු වී තිබෙනවා.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ආසන සංඛ්‍යාව 19 ක් වනවා.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 11 දක්වා වැඩිවී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ.

කොළඹ දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධුර 19 ක් හිමිව තිබූ අතර, එය නව සංශෝධනයට අනුව 18 ක් බවට පත්ව තිබෙනවා.

යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව අඩු වී ඇත්තේ 6 ක් දක්වායි.

අනෙක් දිස්ත්‍රික්කවල මන්ත්‍රී ධූර සංඛ්‍යාවේ වෙනසක් සිදු වී නැහැ.

මේ අතර මහ මැතිවරණයට අදාළව ස්වාධීන කණ්ඩායම් විසින් තැන්පත් කළයුතු ඇප මුදල් සංඛ්‍යාව සහ ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන නාමයෝජනා පත්‍රයේ සඳහන් විය යුතු අපේක්ෂකයන් සංඛ්‍යාව පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content