හබරාදුව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර ගැටුමක් ඇතිව තිබෙනවා.

එම ප්‍රාදේශීය සභාවේ ඊයේ පැවති මාසික රැස්විම අතරතුර දී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු අතරයි මෙම ගැටුම හටගෙන ඇත්තේ .

එහිදී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා විසින් ඔහුගේ මේසය මත සවිකර තිබු මයික්‍රපෝනය ගලවා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු පහර දී ඇති බව වාර්තා වනවා .

මෙලෙස පහර කා ඇත්තේ හබරාදුව ප්‍රාදේශිය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි තක්ෂිත රවිෂාන් ගමගේ වන අතර ඔහුට පහර දී ඇත්තේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වන චමිල ප්‍රියංග නම් අයෙක්.

කෙසේ වෙතත් මේ වන විට පහර කෑ මන්ත්‍රීවරයා ට සිදු වූ තුවාල හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇති අතර පහර දුන් බව පැවසෙන මන්ත්‍රීවරයා අහංගම ප්‍රදේශයේ රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුළු වී තිබෙනවා.

WhatsApp Group

Skip to content