පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය රැකීම වෙනුවෙන් කෙටුම්පතක් අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි .

ඒ අනුව පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් නිසි ලෙස හැසිරෙන්නේ නොමැති නම් ඒ පිළිබඳව කටයුතු කිරීම සදහා බලය ලබා දෙන කෙටුම්පතක් අද කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ.

හිටපු කථානායක කරූ ජයසූරිය මහතා එම කෙටුම්පත සකස් කර තිබෙන බවද ජනාධිපතිවරයා සදහන් කර තිබෙනවා.
පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ සිදුවීම් දෙකක් ඇතිවූ බවද ජනාධිපතිවරයා පවසා ඇති බව සදහන්.

ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ විනය සහ ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන් එංගලන්තයේ තිබෙන පාර්ලිමේන්තු තත්ත්වය පිළිබඳ අවධානය යොමු කොට මේ කෙටුම්පත සකසා ඇතැයි වාර්තා වනවා.

WhatsApp Group

Skip to content