ආණ්ඩුකාරවර මහජන දිනයේදී ලද ඉල්ලීමකට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මහනුවර දුම්රිය‍පොළ වෙළඳ සංකීර්ණයේ නීරීක්ෂණ චාරිකාවක .

මහනුවර දුම්රිය‍පොළ  වෙළද සංකිර්ණයේ  වෙළදුන් මුහුණදෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා ඊයේ (12) කටයුතු කළා.

ආණ්ඩුකාරවර මහජන දිනය මහනුවර ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාර පරිශ්‍රයේදී (12) දින පැවති අතර, මහජන දිනය සඳහා පැමිණ කරන ලද ඉල්ලීමකට අනුව කඩිනමින් ක්‍රියාත්මක වු ආණ්ඩුකාරවරයා  ‍එම වෙළද සංකීර්ණ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් වෙළදුන් මුහුණ දෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් විමසීමට කටයුතු කළා.

වෙළද සංකීර්ණ පරිශ්‍රයේ රථවාහන නැවතුම සදහා ඉඩකඩක් නොමැතිවීම, පාරිභෝගිකයන්ට මග පහසුකමක් නොමැතිවීම, ගොඩනැගිලි පරිශ්‍රයේ පිරිසිදුකිරීම් කටයුතු විධිමත් කිරීම යන ගැටලු  යන ගැටලු ඇතුලුව මෙහිදී ඉදිරිපත් වු ගැටලු සදහා අදාල අංශ සමග සාකච්ඡා කර, කඩිනම් විසදුම් ලබාදීමට තමා අපේක්ෂා කර සිටින බව එම මහතා එහිදී සදහන් කර සිටියා.

මෙම අවස්ථාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක යන මහත්ම මහත්මීන් ද එක් වුුුණා. 

 

WhatsApp Group

Skip to content