රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටියක අල්ලස් ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ, ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ සැකකරුවන් හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

WhatsApp Group

Skip to content