අප්‍රේල් 12 වනදා රජයේ නිවාඩු දිනයක් වුවත් අලුත් අවුරුදු සමයට අදාළව මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී ඇති ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණය ප්‍රමාදයකින් තොරව බෙදාහැරීම සඳහා සියලු තැපැල් සේවකයන් එදින රාජකාරියේ නිරතවීමට එකඟතාවය පළකර ඇති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

පසුගිය සමයේ ඉන්ධන පෝලිම්වල සිටි ජනතාව මෙවර අලුත් අවුරුද්ද නිමිත්තෙන් රෙදිපිලි ඇතුළු භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඒකරාශී වී සිටින අයුරු දැකගත හැකි බවත් එම වෙනස රට තුළ ඇතිවූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය විසින් දියත් කළ රට ගොඩ නැඟීමේ වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය නිසා බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

WhatsApp Group

Skip to content