මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග රක්ෂිත වලට ගිනි තැබිම් හේතුවෙන් ජල මුලාශ සිඳීගොස් හැටන් ඇතුළු වතුකරය පුරා උග්‍ර පානිය ජල ගැටළුවක් මතු වී තිබෙනවා.

උඩරට දුම්රිය මාර්ගයේ වටවල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ගය දෙපස පිහිටි රක්ෂිත වලට කිසියම් පිරිසක් විසින් පසුගිය දින කිහිපය තුල ගිනි තැබිම් හේතුවෙන් අක්කර දහසකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ගිනිගෙන විනාශ වී තිබෙනවා.

එම රක්ෂිතවල වෙසෙන සතුන් දඩයම් කිරිමේ අරමුණින් කිසියම් පිරිසක් විසින් මෙසේ රක්ෂිත වලට ගිනි තබන බවත්, ගිනි තැබිම් හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල දිවා කාලයේ අධික උණුසුම් කාලගුණ තත්ත්වයක්ද පවතිනවා.

WhatsApp Group

Skip to content