මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් විය යුතු බවත්, එහි ප්‍රතිලාභ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ජනතාවට ලැබිය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දුන්නා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළා.

එමන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණා.

දුම්රිය මාර්ග සම්බන්ධ ව්‍යාපෘති, දුම්රිය සේවකයින්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු වන පරිදි කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසට එහිද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content