ෙමත් උවදුර පාලනය සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.
රට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය උවදුර පාලනය කීරිමට අදාළ ක්‍රමවේද සොයා බලා නිරීක්ෂණ සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහායි මෙම කාරක සභාව පත් කිරීමට නියමිතව ඇත්තේ.
පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදීයි මෙම තීරණය ගත් බවයි පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය සදහන් කළේ.
ඒ අනුව ඊට අදාළ යෝජනාව ලබන 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.