ඉදිරි කාලසීමාව තුළදී මත්පැන් මිල පහත දැමීමට කටයුතු සූදානම් වන බවට සුරාබදු දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරනවා.

ඒ අනූව මි.ලී 750 අතිවිශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 900-1000 අතර මුදලකින් සහ මි.ලී 175 ප්‍රමාණයේ කාලෙ බෝතලයක මිල රුපියල 200කින් පමණ අඩුවනු ඇති බවයි පැවසෙන්නේ.

සුරාබදු කොමසාරිස්වරයා සහ මත්පැන් සමාගම් අතර පසුගියදා පැවති සාකච්ඡාවකදී සුරාබදු කොමසාරිස්වරයා දන්වා ඇත්තේ මත්පැන් සඳහා වැඩි වශයෙන් භාවිතා කරන ස්ප්‍රීතුවල මිල අඩුවී ඇති බවයි.

එම නිසා අරක්කු මිල අඩුකරන ලෙසට ඔහු සමාගම් වලින් ඉල්ලීමක් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content