එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින තුළ දිවයින පුරා පිහිටා ඇති සියලුම මත්පැන්හල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මේ අතර බක් පුරපසළොස්වක පොහෝය දිනය යෙදෙන අප්‍රියෙල් 23 වනදා ද මත්පැන්හල් වසා තැබීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම මැයි මස 21 වන දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින්, බුද්ධසාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් තෙදිනක් මත්පැන්හල් වසා දැමීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව, මැයි මස 22, 23 සහ 24 යන තෙදින මත්පැන්හල් වසා තැබීමට නියමිතයි.

WhatsApp Group

Skip to content