ගැඹුරු මුහුදේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ධීවරයින් 6 දෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වන දා දක්වා රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

පසුගිය 15 වන දා හෙරොයින් කිලෝග්‍රෑම් 131 යි ග්‍රෑම් 814 ක් සමඟ ගැඹුරු මුහුදේදී මෙම ධීවරයින් 6 දෙනා අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් නාවිකා හමුදාව විසින් ගොඩබිමට ගෙන ඒමට කටයුතු කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23, 32, 34, 39 සහ 43 යන වයස්වල පසුවන ගන්දර හා දෙවිනුවර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සදහන් කළේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

WhatsApp Group

Skip to content