යතුරු පැදියකින් මත් කුඩු බෙදමින් සිටි තරුණියක පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලැබුණ තොරතුරකට අනුව මාදම්පේ පොලිසියේ දූෂණ මර්දන අංශය විසින් දුම්මලසූරිය විලත්තව මාර්ගයේදී යතුරු පැදියකින් තරුණයකු සමග යමින් සිටි මෙම සැකකාර තරුණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය යතුරුපැදිය නවත්වන ලෙස අණ කරද්දි එම යතුරු පැදිය පැදගෙන පැමිණි තරුණයා තරුණියව අතහැර දමා පොලීසියෙන් මිදී පලා ගොස් තිබෙනවා.

මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ විලත්වව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණියක්.

මෙම තරුණිය තම පෙම්වතා සමඟ කලක සිට මත්කුඩු බෙදා හැරීමේ ජාවාරමක යෙදී සිට ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය විසින් එම තරුණිය පරීක්ෂා කිරීමේදී ඇය සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් පොලිසියට සොයාගැනීමට හැකි වී තිබෙනවා

මාදම්පේ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

 

WhatsApp Group

Skip to content