රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 263ක් සමග අත්අඩංගුවට පත් දෙවුන්දර ධීවරයින් 10 දෙනා ලබන 22 දින දක්වා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කරනු ලැබුවා.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් මත්ද්‍රව්‍ය කාර්යාංශය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 179 යි ග්‍රෑම් 906ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 83යි ග්‍රෑම් 582ක් සමඟ දෙවුන්දර වෙරලේ සිට කිලෝමීටර් 246 ක් සමග මෙම ධීවරයින් පසුගියදා නාවික හමුදා භාරයට ගනු ලැබුවා.
අනතුරුව ඔවුන් පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට පත් කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.

WhatsApp Group

Skip to content