තලෛයිමන්නාරම, ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී රුපියල් මිලියන 94කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

සැකකටයුතු යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කිරීමේ දී එම මත්ද්‍රව්‍ය සොයා ගැනීමටයි කටයුතු කර තිබුණේ.

යාත්‍රාවේ තිබී අයිස් කිලෝග්‍රෑම් 04යි ග්‍රෑම් 194ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 34ක් සහ හෂීස් කිලෝග්‍රෑම් 05 ග්‍රෑම් 254 තොගයක් සොයා ගත් බව නාවික හමුදාව පැවසුවා.

තලෛයිමන්නාරම පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය්‍යංශය සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදුකරනු ලබනවා.

WhatsApp Group

Skip to content