නීති විරෝධී මත්කරල් තොගයක් සමග අම්පාර ප්‍රදේශයේ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විශේෂ කාර්ය බලකායේ කල්මුණ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.සී.එස්. රත්නායක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් කාර්තිව් – සමන්තුරේ මාර්ගයේ කාර්තිව් නාම පුවරුව ආසන්නයේදී සිදු කරන ලද වැටලීමකදීයි.

එහිදී බලපත්‍රයක් නොමැතිව මත්කරල් 500ක් සන්තකයේ තබාගෙන සිටි අම්පාර තිස්සපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක් පමණ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කාර්තිව් පොලිස් ස්ථානය වෙත භාරදුන් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියා.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී ඩී.සී. වෑවිටවිදාන මහතා මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය කල්මුණ කඳවුරේ කඳවුරේ නිලධාරීන් මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content