මතභේදාත්මක බදු වැඩි කිරීම් ඇතුළත් මූල්‍ය පනත ඉල්ලා අස් කර ගැනීමට කටයුතු කරන බව කෙන්යාවේ ජනාධිපති විලියම් රූටෝ පවසනවා.
මෙම පනතය විරෝධය පල කරමින් දහස් සංඛ්‍යාත කෙන්යානු වැසියන් වීදී වලට බැස විරෝධය පළ කර අතර, පසුව එරට පාර්ලිමේන්තුවට ගිනි තැබීමටයි කටයුතු කළේ.
ඒ අනුව ජාතිය අමතමින් ජනතා මතය පිළිගන්නා බවත්, ඒ අනුව මෙම පනතට අත්සන් නොකරන බවත් ජනාධිපතිවරයා පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
කෙන්යානු ජනතාවගේ ප්‍රධාන ආහාරයක් වන පාන් මිල සියයට 16කින් ඉහළ දැමීමට මෙම පනත හරහා යෝජනා වී තිබුනා.

WhatsApp Group

Skip to content